01.jpg
සවිස්තරාත්මකව කියවීමට
මධ්‍ය විද්‍යාලයීය සිංහල වෙබ් අඩවියේ පෙනුම
 

සල්පිටි කෝරලයේ හදවත බඳු පිළියන්දල මධ්‍ය විද්‍යාලය ප්‍රදේශයේ දූ පුතුන්ගේ නැණස පාදන ප්‍රධාන තක්සලාවයි. හාරදහසකට ආසන්න දූ දරුවන් සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන අප පාසලේ වර්තමාන විදුහල්පති විදුහල්පතිවරයා වන්නේ එස්.ජේ.පී. විජේසිංහ මහතායි. නියෝජ්‍ය විදුහල්පති ඩී.පී. උඩවත්ත මයා සහ තවත් සහකාර විදුහල්පතිවරුන් සිව් දෙනෙකු කලමණාකරණ කටයුතු වලට විදුහල්පතිතුමාට සහාය දක්වති. විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය 130ක් පමණ වේ. 6-වසර සිට 13-වසර දක්වා පංති පැවැත්වෙන අතර කලා, විද්‍යා, වාණිජ වශයෙන් අංශ තුනෙන්ම උසස්පෙළ පංති පැවැත්වේ. අප පාසලේ සාමාන්‍ය පෙළ සමත් ප්‍රතිශතය 98%කි.

2009 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික ක්‍රීඩා පාසල බවට ඉතිහාසගතවූ පිළියන්දල මධ්‍ය විද්‍යාලය මේ වන විට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු පිහිනුම් තටාකයකටද හිමිකම් ලබා ඇති අතර මේ වන විට එහි නිමැවුම් කටයුතු අවසන් වෙමින් පවතී. ක්‍රීඩා අංශයෙන් දිවයිනේ ප්‍රමුඛයින් අතර සිටින අප පාසලේ දැනට පිහිටුවා ඇති ක්‍රීඩා රාශියක් ඇත. ක්‍රිකට්, රග්බි, පැසි පන්දු, පා පන්දු, අත් පන්දු, දැල් පන්දු, ජිම්නාස්ටික්, කරාතේ, වූෂු ආදී ක්‍රීඩාවන් මේ අතර ප්‍රමුඛස්ථානයක් ගනී. 2011 වසරේ වූෂු ක්‍රීඩාවෙන් ලෝකයේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට අප පාසලේ ධනුෂ්ක මධුෂාන් ශිෂ්‍යයා සමත්වීම අප පාසල ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයකි.

පාසලේ විෂය බාහිර වශයෙන් සංගම් රාශියක්  ක්‍රියාත්මක වන අතර ක්‍රීඩා සංගම්, වාණිජ සංගමය, කලා සංගමය, මාධ්‍යය සංසදය, පරිඝණක සංගමය, බෞද්ධ සංගමය, විද්‍යා සංගමය.... ආදී වූ මෙම සංගම් මගින් පාසලේ කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යෑමට මනා සහයෝගයක් ලබා දෙයි. 2011 වසරේ සමස්ථ ලංකා නාට්‍ය තරඟාවලියේ සියලුම අංශ වලින් ප්‍රථමස්ථානය ලබාගැනීමට අප විදුහල සමත් වූ අතර චිත්‍ර තරඟ වලින්ද ප්‍රථමස්ථාන ලැබීය. තොරතුරු තාක්ෂණ අංශයෙන්ද විවිධ ජයග්‍රහණ ලබාගැනීමට අප විදුහල සමත්වූ අතර ක්‍රීඩා අංශයෙන්ද ලැබූ ජයග්‍රහණ රාශියකි.


*මෙම ලිපියට අදාලව තවත් විස්තර නුඳුරේදීම එක් කරනු ඇත.

 

 
සම්බන්ධ වෙන්න
We have 6 guests online
Members : 94
Content : 13
Content View Hits : 3468