05.jpg
සවිස්තරාත්මකව කියවීමට
මධ්‍ය විද්‍යාලයීය සිංහල වෙබ් අඩවියේ පෙනුම
 

PostHeaderIcon මැදි විදුහල් මවුනි

සිප් කිරි පොවා නෙතු ලඟම රැකගෙන

ඵල ඇති රුකක් කරවයි ගුණදම් වගාකර

ඒ ඵල වලින් සරුවෙයි අප සමාජය

ලොවටම පුදකරයි සෙනෙහස් විදු මවුනි ඔබ

දේශයට හිතැති ජාතියට ලබැඳි

සෙනේ පවුරට ගොඩවු අප සැම

ඈත දිදුලන සර කෙත් බිම

දෑත දිගුකර පෙන්වු ම නුඹ

සදා ශක්තිය වුණේ අප හට

උනුන් පරයා නැගෙන ලෝකෙක

වියතු සබ මැද නොසැලි හිඳිනට

ඔබයි ධෛර්‍ය වුණේ සැම කල

සදා ණය ගැති මවුනි ඔබ හට

නිර්මාණය:තිළිණි ඉමාෂා

13 වසර

 

PostHeaderIcon වාණිජ්‍යයෙන් ලොව දුටිමි

උපත ලද මොහොතේ සිට
මියෙන තත්පරය තුරුම
ගිණුම්කරණ ප්‍රශ්ණ පත්‍රයට
පිළිතුරු සොයමි පොත්තුල සිරව
කෙසේ පළමු ප්‍රශ්ණය නම් ගනුදෙනුව ඇතිවීද ?
එය කෙසේ පියවමුද
මේ භවය නම් ගිණුම් කාලච්ඡේදයේ
නොයෙක් ගනුදෙනු කරමින්
කුසල් අකුසල් ලෙජර තුල
තුලනය වෙමින්…..
ශේෂය ගෙන
විපාක නැමති වෙළඳ ගිණුමෙන්
ඵලය නැමති ලාභ අලාභය ගණනය කර
මීලඟ භවය තේරීමට
අවිනිශ්චිත ගිණුම තුල සිරව ඇත
ඉතින්……,
නිවන නැමැති අරමුණ ඉටුකරගෙන
සංසාරය නැමැති ව්‍යාපාරය වසා දමමුද…..
නැතහොත්
මීලඟ භවය නැමති ගිණුම් කාලච්ඡේදය
ගිණුම් පොත යලි දිගහරිනවාද
එය මිනිස් සිත නැමැති
කලමණාකරනය තීරණය මත සිදුවනු ඇත………

 

ඒ.ආර් ඕෂධී මදුරංගි
12C3

 

 
සම්බන්ධ වෙන්න
We have 8 guests online
Members : 96
Content : 13
Content View Hits : 3509