03.jpg
සවිස්තරාත්මකව කියවීමට
මධ්‍ය විද්‍යාලයීය සිංහල වෙබ් අඩවියේ පෙනුම
 

PostHeaderIcon චන්ද්‍රයා

පෘථිවියේ එකම උපග්‍රහයා වන චන්ද්‍රයා අහසේ පැහැදිලිව හදුනා ගත හැකි සහ කිසිදු අපහසුතාවයකින් තොරව ඉතා හොදින් නිරීක්ෂණය කල හැකි ආකාශ වස්තුව ද වේ. මුහුදේ උදම් (Tides) බලපෑමට මෙන්ම පෘථිවියේ භ්‍රමණ කාලය සඳහාත් එමෙන්ම පෘථිවි භ්‍රමණ අක්ෂයේ පිහිටීම සඳහාත් චන්ද්‍රයාගේ ගුරුත්ව බලය ප්‍රබල ලෙස බලපායි. පෘථිවියේ සමතුලිතතාවය නිසි ආකාරව පවත්වා ගැනීමටද චන්ද්‍රයා ඉතා වැදගත් වේ. පෘථිවිය සතුව උපග්‍රහයෙක් නොතිබුනහොත් කුමන ආකාරයක තත්වයක් ඇති විය හැකිද යන්න පිලිබදව විද්‍යාඥයින් උනන්දු වන අතර ඒ පිලිබඳවද පරීක්ෂණ පවත්වයි. පෘථිවිය ලඟින්ම ඇති ආකාශ වස්තුව වන චන්ද්‍රයා රාත්‍රී අහසේ ඉතා දීප්තියෙන් දිස් වනුයේ සූර්යයා මෙන් තමා විසින්ම ආලෝකය නිපදවා ගැනීමකින් නොව සූර්යයාලෝකය පරාවර්තනයෙනි. චන්ද්‍රයා විවිධ කලා වලින් අහසේ දිස් වීමට හේතුව එය පෘථිවිය වටා සිදු කරන පරිභ්‍රමණයයි. නමුත් චන්ද්‍රයා සතු මෙම පරිභ්‍රමණ ක්‍රියාවලිය පෘථිවියා සූර්යයා වටා සිදු කරන පරිභ්‍රමණයෙන් වෙනස් වන්නේ චන්ද්‍රයාගේ භ්‍රමණ කාලය හා පරිභ්‍රමණ කාලය බොහෝ දුරට සමාන වන බැවිනි. මෙම කාලය දින 27 1/3 කි. තවද මේ හේතුව නිසා පෘථිවියේ සිටින අපට සෑම විටම දර්ශනය වන්නේ චන්ද්‍රයාගේ එක් පැත්තක් පමණක් බවද විශේෂයෙන් සඳහන් කල යුතුය. චන්ද්‍රයාගේ අනෙක් අර්ධය සැම විටම පෘථිවියට පෙනෙන දිශාවට විරුද්ධව පිහිටයි.

අපගේ අසල්වැසි චන්ද්‍රයාගේ බිහිවීම හෙවත් ආරම්භය සම්බන්ධයෙන් ප්‍රධාන මත 4ක් පවතින අතර එයින් දැනට බොහෝ විද්‍යාඥයින් පිළිගනු ලබන්නේ මහා ගැටුම් කල්පිතය’ (Great giant impact) යන මතයයි. මෙමගින් කියවෙනුයේ අප සෞරග්‍රහ මණ්ඩලය බිහිවෙමින් පැවති යුගයේ පෘථිවිය සමග ඉතා විශාල තවත් ආකාශ වස්තුවක් (අගහරු ප්‍රමාණයේ ) ගැටීමෙන්, එම සුවිසල් ගැටුම නිසා පිටත අභ්‍යවකාශයට ඇදී ගිය කොටසක් මගින් චන්ද්‍රයා නිර්මාණය වූ බවයි. මෙම මතයෙන් කියවෙන අයුරින් චන්ද්‍රයා බිහි වීම සඳහා පෘථිවියේ සම්බන්ධයක් පැවතියත් චන්ද්‍රයා, පෘථිවිය මෙන් ඉතා සරුසාරව වැඩුනු ගස් කොලන් හා ජලයෙන් පිරි ආකාශ වස්තුවක් නොවන බව ද සඳහන් කල යුතුය. චන්ද්‍රයා සතුව පෘථිවියේ පවතිනවාක් මෙන් ඝණ වායුගෝලයක්  ද නොමැත.

සාලිත ඩිල්ෂාන්
9
වසර

 

 
සම්බන්ධ වෙන්න
We have 10 guests online
Members : 96
Content : 13
Content View Hits : 3509